Missing Swiss couple found frozen in Alps after 75 years

SHARE THIS POST

අඹු සැමි යුවලගේ ආදරය අවුරුදු 75කට පසුව අයිස් කුට්ටියකින් හමු වූ අපුරූ කතාවක් හෙළි වෙයි – photos & Video

“අම්මයි තාත්තයි එදා එළදෙනුන් ගෙන එන්න කෙත්වලට ගියා..”

“අවුරුදු 75 ක් බලාගෙන හිටියා ඔවුන් එයි කියලා..”

ස්විට්සර්ලන්තයේ චැඩොලින් පදිංචි වී සිටි යුවළක් හදිසියේම අතුරුදන් වෙනවා. ඒ මිට වර්ෂ 75කට පෙර. ඔවුන් කිරිගවයින් ඇති කරමින් ජිවත් වී තිබෙන්නේ.ඒ වන විට චූමියර්ගේ වයස 40ක් හා ඔහුගේ බිරිද ෆ්රැන්සීන්ට වයස අවුරුදු 37යි. ඔවුන් දාව දරුවන් හත්දෙනෙකු උපදිනවා. මෙම යුවළව මෝනික් ගවුට්ෂි-ඩුමූලින් නමැති ඔවුන්ගේ වැඩිමහල් දියණියට දකින්න ලැබෙන්නේ 1942 අගෝස්තු 15 වනදා.

 

ඒ ඇය දෙමාපියන් දකින අන්තිම දවසයි. ඒ වනවිට ඇගේ වයස අවුරුදු 11යි.ඉන් පසුව කවදාවත් ඔවුන් ආපසු පැමිණ නැහැ. නමුත් ඉන් වසර 75කට පසුව අපුරු සිදුවීමක් වෙනවා. ඒ අතුරුදහන් වූ දෙමාපිය යුවළගේ ශරීරයේ කොටස් ග්ලැසියරයක් තුළ ඉතිරි වී තිබී අහම්බෙන් හමුවෙනවා. දැන් ඔවුන්ගේ වැඩිමහල් දියණිය වන මොනික්ගේ වයස අවුරුදු 86යි.ඒ අපුරූ කතාව පරිවර්ථනය කර මෙසේ පළ කරන්න හිතුවා.

වැඩිමහල් දියණිය වන මොනික් තම ජීවිතයේ සැඟවුණු හැගීම විදෙස් මාධ්‍ය වෙත මෙසේ ප්‍රකාශ කර තිබෙනවා.

‘අම්මයි තාත්තයි එදා එළදෙනුන් ගෙන එන්න කෙත්වලට ගියා. ඊට පස්සේ ආවේ නැහැ. මම පවුලේ වැඩිමහල් කෙනා.අද එයි හෙට එයි කියමින් බලාගෙන හිටියා. නමුත් ආවේ නැහැ. සෙනසුරාදා දවසේ හීනෙන් මම තාත්තාව දැක්කා. අපි අසල්වැසියන්ගෙන් ඇහුවා. කිසි කෙනෙක් දැකලා නැහැ. අපේ තාත්තා ඒ ප්‍රදේශයේ ජනප්‍රිය කෙනෙක්. හැමෝම ඔහුව හදුනනවා.මම ඔවුන් ගැන දැනගන්න ගමේ අද්දර සිටි මිතුරෙකුගේ නිවසකට පවා ගියා. එයා දන්නේ නැහැ කිව්වා. මම ඒ මොහොතේ අඩන්න පටන් ගත්තා. පසුව මගේ පියාගේමිතුරකුගේ පූජකයෙකු විසින් සෝදිසි මෙහෙයුමක් දියත් කළා. මුළු ගම්මානයම උදව් කළා. නමුත් කිසිදු සලකුණක්, කිසිදු ඇඟිලි සලකුණුයක් තිබුණේ නැහැ.

මොරික්, ඇය සහ ඇගේ සහෝදර සහෝදරියන් වන මොරිස්, රැෆායල්, කැන්ඩීඩ්, ඉයුජින්, චාල්ස් සහ මර්සලේන් යන දෙදෙනා තම දෙමව්පියන් අතුරුදහන් වූ පසු සති දෙකක් හෝ තුනක කාලයක් නිවසේ රැඳී සිටි බව ඇය සදහන් කරනවා.පසුව ඔවුන්ව පාසලට යැවීම ගෙදර සියලු වැඩ කිරීම මෙන්ම ඔවුන්ව රැකබලා ගැනීම සිදුව තිබෙන්නේ ඇයට.එය අසීරු කටයුත්තක් වූ බවත් ඇය සිහිපත් කරනවා. කෙසේ නමුත් ටික දිනකින් පුජකවරයා විසින් දරුවන් බලා ගැනීමට විවිධ පවුල්වලට ඔවුන්ව භාර දී තිබෙනවා.එසේ දිනෙන් දින ගෙවී උස්මහත් වී විවිධ ප්‍රශ්න මැද සියලුදෙනා ජීවිකාව ගෙන ගිය බව ඇය සදහන් කරනවා. නමුත් දෙමාපියන්ගේ මතකය ඔවුන්ගේ සිත්වලින් මැකී ගොස් නැහැ.එසේ ජිවත් වෙද්දී පුවතක් මැයට අසන්න ලැබෙනවා

“පසුගිය බ්‍රහස්පතින්දා අසාමාන්‍ය සොයාගැනීමක් සිදුවුණා.ඒ දකුණු ස්විට්සර්ලන්තයේ සන්ෆ්ලුවොන් ග්ලැසියරයේ ඩයබීරෙට්ස් මායිම්වල ඔවුන්ගේ පරිපූර්ණ කල් තබා ගන්නා ලද මළ සිරුරු සොයාගත්තා කියලා.ඒ මළසිරුරු සමග හැඳුනුම්පත්, බෑග්, බෝතලයක් ,පොතක් හා ඔරලෝසුවක් සොයාගෙන තිබුණා. ඒ දේවල්වලින් තමයි මගේ දෙමාපියන්ගේ මළසිරුරු බව දැනගත්තේ. පොලිසියෙන් තමයි මාව දැනුවත් කළේ..අවුරුදු 75 ක් බලාගෙන හිටියා ඔවුන් එයි කියලා.දැන් මට නිහඬව සන්සුන්ව සිටීමට හැකි බව මට කියන්න පුළුවන්.’
ඇය එසේ පැවසූ අතර ඥාතීන් එක්ව සුවිශේෂී අවමංගල්‍යයක් සංවිධානය කර තිබෙන බවත් සෙනෙසුරාදා එහි අවසන් කටයුතු සිදු කරන බවත් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙනවා.

මළසිරුරු හමු වූ ස්ථානය අසල නිවාඩු නිකේතනක් ඇති අතර එහි ප්‍රධානියා වන බර්නාඩ් චචන් ප්‍රකාශ කළේ පසුගිය බදාදා මළ සිරුරු සොයාගෙන ඇති බවයි. මීටර් 2,615 ක උෂ්ණත්වයකින් සැන්ෆ්ලුවර් ග්ලැසියර් එකක තිබී මළසිරුරු හමු වූ බවයි. අයිස් ඒවා පරිපූර්ණව සංරක්ෂණය කර තිබූ බවයි කියන්නේ.

Add a Comment

Your email address will not be published. Required fields are marked *